නවතම පුවත්

රත්නපුර අධිවේගි මාර්ගය ඉදිකිරීම් අද සිට

අසංක

අසංක

රත්නපුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

මෙරට ඉදිකෙරෙන 07 වන අධිවේග මාර්ගය මෙයයි.

රත්නපුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු ආරම්භ කෙරේ.

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර 73.9කි.

පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයක් මෙලෙස ඉදිකිරීමට නියමිතය.

දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරයි.

ඒ සඳහා රුපියල් බිලියන 54.7ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

මෙම අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා