නවතම පුවත්

“පොසිටිව්” නම් කලබල නොවී ගෙදර ඉන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් කලබල නොවී, බිය නොවී, නිවසේම රැඳී සිටින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන්  ඉල්ලා සිටි.

සෞඛ්‍ය අංශ එසේ ආසාධිතයින් ලෙස හඳුනාගන්නා පිරිස්  හැකි ඉක්මනින් රෝගීන් රෝහල්ගත කිරීමට  කටයුතු කරන බවත් එතෙක් කලබල නොවී, සංචරණය සීමා කර  නිවසටම වී සිටීම වැදගත් බවත්  ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

“දවසකට එකපාරම 1500 – 1900 අතර ප්‍රමාණයක් වාර්තා වුණහම ඔවුන්ව වහාම රෝහල්කරා ගෙනයාමේදී යම්කිසි විදියකින් කාලයක් ගතවෙනවා, මොකද මේක ඇවිල්ලා එක ක්ෂණික කාරණයක් නෙවෙයි. ඊටපස්සෙ ගැහැණු සහ පිරිමි වශයෙන් ඔවුන් නැවත වතාවක් බෙදෙනවා මොන රෝහලකටද ඔවුන් ඇතුළත් කළයුත්තෙ කියලා. ඊළඟට ඔවුන්ව ගෙනයෑම සඳහා අපි නිවසෙන් ගන්න ඕනෙ. අපි නිවසෙන් අරගෙන ඔවුන්ව රෝහල දක්වා ප්‍රවාහනය කරන්න ඕනෙ. මේක ඇවිල්ලා විශාල ක්‍රියාන්විතයක්. ඒ ක්‍රියාදාමයේදී මේ විශාල ප්‍රමාණයක් මේ විදියට ප්‍රවාහනය කරන නිසා යම්කිසි ස්ථානවලදී යම්කිසි විදියක ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්.

ඒවගේ අවස්ථාවලදී අපි කියන්නෙ කලබල වෙන්න එපා, බයවෙන්න එපා, ගෙදර ඉන්න. ගෙදර ඉඳගෙන නිසි පරිදි පවුලේ අනිත් අයගෙන් වෙන්වෙලා හැකිතාක් දුරට තනියම ඉන්න. තමුන් හැකිනම් වැසිකිලියක් නානකාමරයක් වෙනම පාවිච්චි කරන්න. ඒවගේම හොඳට ජලය බොන්න. පුළුවන් ඉක්මනටම ඔවුන්ව රෝහල්කරා ඇතුළුකිරීම අපි මේ අවස්ථාවේදී සිදුකරනවා” .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා