නව ජනාධිපති නීතිඥවරුන් 21 දෙනකු පත්කෙරේ

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

නව ජනාධිපති නීතිඥවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 21 දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

මෙලෙ නව ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර ඇත්තේ නීතිඥවරුන් ලෙස කටයුතු කළ නවීන් මාරපන, ශානක ද සිල්වා, සම්පත් මෙන්ඩිස්, නලීන් ද ඉන්ද්‍රතිස්ස, පියසේන දීරත්න, එම් ජයසිංහ, නලීන් දිසානායක, වී.කේ. චොක්සි, මයුර ගුණවංශ, වසන්ත ගජනායක, අජන්ත රුද්‍රිගු, ජගත් වික්‍රමනායක, ෆාමර් කාසීම්, සුමිත් සේනානායක, සීවලී අමිතිරිගල, සාලිය මොහොට්ටි, කපිල මනම්පේරි, වින්සන්ට් පෙරේරා, සනත් වීරරත්න, ඒ.ඒ.එම්, ඉල්ලියාස් සහ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීන් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තිය කටයුතු පිළිබද අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන් 21 දෙනකු ජනාධිපතිවරයා විසින් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

අභිනව ජනාධිපති නීතිඥවරුන් ඉදිරි කාලයේදී සිය ධුරයන්හි දිවුරුම්දීමට නියමිතය.