ප්‍රංශයේ ජනතාවට ජනපති, විපක්ෂ නායක කනගාටුව පළකරයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

ප්‍රංශයේ සුප්‍රකට නෝට්‍ර-ඩෑම් දේවස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රංශයේ ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, සියවසකට වඩා ඉපැරැණි දේවස්ථානය යළි නගාසිටුවීම සදහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

ප්‍රංශයේ ප්‍රධාන දේවස්ථානයේ සිදුවූ විපත අසා තමන් කම්පාවට පත්වූ බවත් වේදනාවෙන් සිටින සියලුදෙනාට යළි නැගී සිටීමට හැකිවෙතැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් දන්වා සිටින විපක්ෂ නායකවරයා මෙම ඛේදජනක අවස්ථාවේදී ප්‍රංශ ජනතාව සමග තමන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින් එක්ව සිටින බවත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය නිල ට්විටර් ගිණුම් ඔස්සේ මෙසේ කනගාටුව පළකරන නිවේදන නිකුත් කර තිබුණි.