ඩුබායි අත්අඩංගුවේ සිට ආ තවත් දෙදෙනෙක් රහස් පොලිස් භාරයේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන තිබූ තවත් දෙදෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි අතර ඔවුන් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි.

ඒ අද අලුයම 5.55ට පැමිණි යූඑල් 226 යානයෙනි.

මෙලෙස පිටුවහල් කර තිබුණේ පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්ශාම් නමැති අයයි.

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ගෙන් 23 දෙනෙකු මේ වනවිට එවා තිබේ.

තවත් 8 දෙනෙකු ඩුබායි පොලිස් භාරයේ සිටියි.

ඔවුන් අතර මාකඳුරේ මධූෂ් , ජනප්‍රිය ගායක අමල් පෙරේරා, කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා සහ තවත් අය වෙති.