ලේ බංකුවේ දූෂණ වංචා හොයන්න ජනපති කොමිසම විමර්ශන අරඹයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වත්මන් රජය සමයේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදු ව ඇතැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම මූලික විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ කාලසීමාව තුළ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් අධිශීතකරණ හා ශීතකරණ 283 ක් වැඩි මිලට මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකෙරේ ..

ඒ අනුව එවකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇත.

වැඩිමිලට අධිශීතකරණ හා ශීතකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය දින කිහිපයක් කොමිසම හමුවට කැඳවා සාක්ෂි සටහන් කර ගෙන ඇත.

එළඹෙන 23 වන දා මූලික විමර්ශන සඳහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සුධීර චතුරංග මහතාව ද කොමිසම හමුවට කැඳවා තිබේ.