උමංග බණ්ඩාර
රටේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවුවත් පවතින උණුසුම්කාරී තත්ත්වය මේ මාසය අවසන්වනතුරු පැවැතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි සතිය පුරාම පැවැතිය හැකි බවත්, වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළයුතු බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සචිත්‍රා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
අද (18දා) සවස 2.00න් පසු සබරගමුව, මධ්‍යම, දකුණ ඌව, බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 තරම් වූ වැසි ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියාය.පොදුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ප්‍රබල අකුණු සහිතවැසි ඇතිවිය හැකි බවද සඳහන් කලාය