එක වැස්සෙන් මාතලේ නගරයම යටවෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාස 3කට පසුව මාතලේ නගරයට හා ඒ තදාසන්න ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිත උනා පැවති උණුසුම්කාරි තත්වය සමනය කරමින් පැය දෙකහමාරක් පමණ කාලයක් පුරා ඇදහැලුණු වර්ෂාවෙන් මාතලේ නගරය සම්පූර්ණයෙන් යට වූ අතර පසුගිය කාලය පුරාම මාතලේ නගර සංවර්ධන කටයුතු සිදු කලා.

මේ පිලිබදව THE COLOMBO EXPRESS වෙබ් අඩවිය සමග අදහස් දැක්වූ නගර වැසියන් කීපදෙනෙක් පැවසුවේ නගරයේ හරහා ගලා යන ඇල පද්ධතිවල බොහෝ වෙලාවක් පුරා කුණු සහ ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය ගලා ගිය බවයි.

එසේම මාතලේ නගර සභාවටම මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇති බවත් නගර වැසියන් සදහන් කරනවා. පසුගිය කාලය පුරාම නගර සංවර්ධනය කියමින් නගරයේ ඇති ගස් කපා දැමීමට නගර සභාවට තිබූ උනන්දුව කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරිමට හෝ ජනතාව දැනුවත් කිරිමට උනන්දුවක් නැති බව ජනතාව සදහන් කරනවා.

කෙසේ වෙතත් කාණුවලට අප ද්‍රව්‍ය පුරවන ජනතාවද මේ සම්බන්ධයෙන් මීට වඩා දැඩි සැලකිල්ලක් දැක්වියුතු බව අපේ අදහසයි.