නවතම පුවත්

මම පාර්ලිමේන්තු යන්නේ කොරෝනා පාලනය හරි මඟට ගන්නයි – රනිල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී .

අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට අවශ්‍ය බවත්  , හිටපු  අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි .

ආණ්ඩුවේ ජනප්‍රිය බව කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් කඩාවැටෙමින් තිබුණත් පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් තවමත් විකල්පයක් ඉදිරිපත් කර නොතිබීම භයානක තත්ත්වයක් බව කී වික්‍රමසිංහ මහතා එවැනි අවස්ථාවක රට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදැයි සලකා බැලිය යුතුව තිබෙන බවද සඳහන් කරයි.

මෙවැනි දේශපාලන පසුබිමක් තමා මීට පෙර දැක නැතැයිද වික්‍රමසිංහ මහතා කීය.සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදී හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා