2014 වසරේ සිට 2019 දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ රුපියල් මිලියන 38ක් පමණ වටිනා එළවළු බීජ, පැළවීම හා දුර්වල වීම හේතුවෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර ඇත
එම කාර්යාලයට අනුව අදාළ කාලසීමාව තුළ එළවළු බීජ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පර්යේෂණ සිදුව නොමැති අතර එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ කාර්ය සාධනයට අදාළ විගණනයකදී තහවුරු වී ඇත්තේ රටට වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදු කර නොමැති බවය.
අවශ්‍යතාවට ගැළපෙන පරිදි බීජ නිෂ්පාදනය සිදුවී නොමැති බවත්, බීජ තොග ගබඩා කිරීමේ පටිපාටියේ ගැටලු රැසක් දක්නට ලැබෙන බවත් එම විගණනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත ..
1997 වසරේදී සම්මත වූ බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය බීජ පිළිබඳ ප්‍රතිපත්තිය ලෙස සැලකෙන අතර මෙතෙක් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් වී නොමැත.