නවතම පුවත්

ඉරානයට නව ජනාධිපතිවරයෙක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

පසුගිය 18 වැනිදා පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් අගවිනිසුරු ඊබ්‍රාහිම් රයිසි ජයග්‍රහණය කර ඇත  . ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රයිසි ප්‍රකාශිත ඡන්දවලින් මිලියන 17.9 ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය 61.9% ක ප්‍රතිශතයකි.

ඔහු‍ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මොසේන් රේසි මිලියන ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3.4 කි. එය ආසන්න වශයෙන් 11.7% ක ප්‍රතිශතයකි.

මේ අනුව ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමටත් පෙර වත්මන් ජනාධිපති හසන් රවුහානි, රයිසි හමු වී ඔහුගේ ජයග්‍රහණයට සුබපතා තිබෙ

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වූ නමුත් ‍බොහෝ දෙනෙකුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට එරට Guardian Council නමැති, ඉහළ ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් ආයතනය කටයුතු කර තිබිණි. ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් අතර හිටපු ජනාධිපති මොහමඩ් අහමඩිනෙජාඩ්, වත්මන් උප ජනාධිපති එෂාක් ජහන්ගිරි, හිටපු උප ජනාධිපති මොහමඩ් ෂරීෆ් වැනි පුද්ගලයන් මෙන්ම වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද සිටී.

මෙම ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීම හරහා රයිසිගේ ජයග්‍රහණය පහසු කිරීමට Guardian Council කවුන්සිලයේ නායකයන් වක්‍රාකාරයෙන් උපකාර කර ඇති බවටද චෝදනා එල්ල වේ.

වත්මන් ජනාධිපති හසන් රවුහානි පිට පිට වාර දෙකක් ජනාධිපති ධුරය දැරීම හේතුවෙන් ඔහු මෙවර තරග වැදීමට සුදුස්සෙකු නොවීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි