නවතම පුවත්

සංචාරක සීමා ඉවත් වුණත් ක්‍රියාත්මක නීති මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අද (21) අලුයම 4.00ට ලිහිල් කළද, පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම සෞඛ්‍ය උපමානයන්ට, මාර්ගෝපදේශ ද තවදුරටත් ක්‍රියාතත්මක වේ.

තව ද අද (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ජුනි 23 වනදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වනදා අලුයම 4.00 දක්වා යළිත් රටපුරා සංචරණ සීමා පැනවෙනු ඇත.

හෙට දිනයේත් ජනතා හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව පහත සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

* රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවා ස්ථාන සඳහා ගෙන්වා ගත යුත්තේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.

* ඔන්ලයින් ඔස්සේ නිවසේ සිට රාජකාරී සිදු කළ හැකි පිරිස්වලින් නිවස් සිට රාජකාරී කරවා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුයි.

* පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මගීන් ගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණි.

* සෑම මගියෙකුම නිවැරදි ලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

* පළාත් සංචරණ සීමා එලෙසින්ම ක්‍රියාත්මක වන බැවින් පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂි කරුණක් සඳහා පමණි.

* විශේෂ චාරිකා, වන්දනා ගමන් ආදියට කිසිසේත් අවසර නැහැ.

* පොදු ස්ථානවල ගැවසීම, සාද, ප්‍රිය සම්භාෂණ සපුරා තහනම්.

* වෙළඳසැල්, සුපිරි වෙළඳ සැල් සහ පාරිභෝගික ආයතනවලට පාරිභෝගිකයින් එකවර ඇතුළු කර ගත හැක්කේ ස්ථානයේ ඉඩකඩට සාපේක්ෂව සීමා සහිත පිරිසකි.

* සෑම ආයතනයක්, වෙළඳසලක් තුළ ම අත් පිරිසිදු කිරීම, උෂ්ණත්වය මැන බැලීම සහ දුරස්ථභාව ආරක්ෂා කර ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වියයුතුයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .