නවතම පුවත්

මෙරට දරුවන්ට කොවිඩ් සංකූලතාවයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමැට්රි සින්ඩ්‍රෝම් හෙවත් බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය නැමති නව රෝගී තත්ත්වයක් මෙරට දරුවන් අතර ව්‍යාප්ත වෙමින් ඇතැයි ළමා රෝග විශේෂඥයින් අනතුරු අඟවා සිටී

මෙම රෝගය මීට පෙර එංගලන්තය අතුළු රටවල් කිහිපයකින් වාර්තා වූ අතර පසුගිය 19 වැනිදා වනවිට මෙම රෝගය වැළඳුණු දරුවන් 06 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් මෙම විශේෂඥයින් අනාවරණය කර ඇත

කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් කිහිපදෙනෙකු සුවය ලබා ඇති බවද වාර්තාවේ .

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,මෙසේද පැවසීය ,

කෝවිඩ්වල සංකූලතාවයක්. පහුගිය සති දෙක තුනේ තමයි අපි මේක දකින්න පටන් ගත්තේ. අවුරුදු පහයි පහලොවයි අතර ළමයින්ට කෝවිඩ් හැදිලා සමහරක් වෙලාවට කෝවිඩ් රෝග ලක්ෂණ නොතිබෙන්න පුලුවන්.සමහර අයට කෝවිඩ් රෝග ලක්ෂණ තිබිලා වෙන්න පුළුවන්. සති දෙකකට විතර පස්සේ ඒ දරුවන්ට කොවිඩ්වලට ප්‍රතිදේහ හැදෙනවනේ ඇඟේ. ප්‍රතිදේහ ජනකය අපි කෝවිඩ් ඇන්ටිජන් කියලා ගත්තොත් සාමාන්‍යයෙන් සති දෙකක් විතර යද්දි ඒ අතරේ යම් කිසි ප්‍රතික්‍රියාවල් ඇති වෙලා බහුවිධ ඉන්ද්‍රියයන්, ඉන්ද්‍රියයවල් කීපයකට බලපෑමක් ඇති වීම තමයි ඔතනෙදි වෙන්නේ. විශේෂයෙන්ම වැඩිපුර අපි දකින්නේ අක්මාවට, වකුගඩුවලට, පෙනහළුවලට, මොළයට අර ඒ වගේ ඊට අමතරව හමට ඒ වගේ රෝගය ඉන්ද්‍රියයන් කීපයකට ඇති වෙනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මෙසේයි , දැන් උණ සාමාන්‍යයෙන් දවස් 04ක් විතර පවතිනවා. ඇස් රතු වෙන්න පුළුවන්. බෙල්ලේ වසා ගැටිති ඉදිමෙන්න පුළුවන්. තොල, දිව රතු වෙන්න පුළුවන්, හමේ රතු ලප ඇති වෙන්න පුළුවන් පෙනහළුවලට බලපෑමක් ඇති වුණොත් හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අක්මාවට බලපෑම ඇති වුණොත් බඩ ඉදිමිලා එන්න පුළුවන්. ආහාර අරුචිය ඇති වෙන්න පුළුවන්. ඇස් කහ පාට වෙන්න පුළුවන්. වකුගඩුවලට බලපෑම ඇති වුනොත් මුත්‍රා තද පාටට යන්න පුළුවන්. මුත්‍රා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේකත් එක්කම හෘදය වස්තුවට බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. එතෙනදි අපේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. අර ඔය වගේ දේවල් නිසා හිසරදය , ලෙඩ පාටට ඉන්නවා දරුවෝ. වැඩ කරන්නේ නැතුව පණ නැතුව වගේ උනත් එක්ක. එහෙම තත්ත්වයක් දැක්කොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හරි, රෝහලක් වෙත හරි දරුවව ගෙනියනවා නම් හොඳයි. ඉක්මනට පැමිණෙන්න. ගොඩක් පහු වෙලා ආවොත් තමයි සමහරක් වෙලාවට අපිට බේරා ගන්න අමාරු වෙන්නේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි