පැතුම් වික්‍රමරත්න
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ වෙළදපොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටී .
ඊයේ (22) පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
දැනටත් මෝල් හිමියන් විසින් , වී සඟවා ,ඒ හරහා අධික ලෙස ලාභ ලබමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
මේ හේතුවෙන් වෙළඳපොලේ සහල් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කල අතර මෙම ඒකාධිකාරය බිඳීම සඳහා අනිවාර්යයෙන් සහල් ආනයනය කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .