ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක නිරත විය. සජබ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු සහිතව සභා ගර්භය මධ්‍යයට පැමිණ එහි වාඩි වී ආණ්ඩුවට සිය විරෝධය දැක්වූහ.
සජබ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රථ පෙළපාලියකින් පැමිණි අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කළේය. එම ප්රශ්නවල බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිසි පරිදි පිළිතුරු ලබා නොදුන් බව පවසමින් අද නැවතත් විරෝධතාවය ආරම්භ කළේය.