නවතම පුවත්

තායි තානාපති කාර්යාලයේ ඉඩකමට හොර ඔප්පු හදා විකිණූ නීතිඥයා දැලේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

තායිලන්ත තානාපති කාර්යාලයට අයත් කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි රුපියල් කෝටි 50 කට අධික වටිනාකමක් ඇති ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට නීතීඥවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තානාපති කාර්යාලයට අයත් ඉඩමට ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුව සකස්කර ඇත්තේ මෙම නීතීඥවරයා බව විමර්ශන වලින් හෙළිවී ඇති බවත් නීතිපති උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

පර්චර්ස් 20 ක් පමණ වන මෙම ඉඩම අලෙවි කළ සහ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනාම මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ වැඩිදුර විමර්ශනයේදීය.

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය දැන් පිහිටා ඇති ඉඩමටද මෙයට පෙර මේ ආකාරයටම ව්‍යාජ ඔප්පුවක් සකස්කර අලෙවි කර තිබුණි. එම ඡාවාරමට දේශපාලනඥයෙක් සහ පාතාල අපරාධකරුවෙක් සම්බන්ධ වී සිටියේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා