නවතම පුවත්

“ඩෙල්ටා” නිසා ඔස්ට්‍රේලියාව අවදානම් තත්වයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවෙන් හඳුනා ගැනුණු  “ඩෙල්ටා” කොවිඩ්   ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාව තුලද ව්‍යාප්තවෙමින් ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර ඇත .

මෙම තත්වය හමුවේ  ඕස්ට්‍රේලියාව යළිත් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබෙන බවද එම වාර්තා පෙන්වාදේ .

එම කොවිඩ්  වෛරස් කාණ්ඩය ආසාදිත බවට සැකකෙරෙන නව ආසාදිතයින් 17 දෙනෙකු ඊයේ එරටින් හමුවී ඇති අතර  ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කිහිපයක් වහාම වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

සිඩ්නි නුවර මධ්‍යම ප්‍රදේශය හා බොන්ඩි වෙරළ කලාපය ඇතුළු ජනාකීර්ණ තවත් ප්‍රදේශ කිහිපයක් හෙට දින සිට   එලෙස  වසා දැමෙනු ඇති.අතර   හෙට සිට වසා දැමෙන එම ප්‍රදේශ ජූලි 02 වදා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත්, පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා පිලිබඳ  ඉදිරි තීරණ ගන්නා බව සිඩ්නි බලධාරීන් සඳහන් කර ඇත

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි