එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් ධීවර ක්ෂේත්රයට සිදු වූ පාඩුව පියවීම සඳහා රුපියල් මිලියන 720 ක වන්දියක් ගෙවීමට නෞකාව අයත් රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත .
ලැබිය යුතු සමස්ත වන්දි මුදල ගෙවන තෙක් අතුරු වන්දියක් ලෙස මෙම මුදල ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
නෞකාවේ සිදුවීම හේතුවෙන් සිදු වූ සමස්ත හානිය තවමත් තක්සේරු කර නොමැත. හානිය තක්සේරු කිරීම සඳහා විදෙස් විශේෂඥ කණ්ඩායමක්ද පසුගියදා දිවයිනට පැමිණි අතර සාගරය සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්ද පැමිණ තිබෙනවා. නාරා ආයතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සමීක්ෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වේ