එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත
කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ශ්‍රී ලංකාවට යළි කැඳවීමට තීරණය කර ඇති බවත් කණ්ඩායමේ කළමනාකරු ගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී
මෙම ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්තයේ, දර්හම් නගරයේ රාත්‍රී කාලයේ විදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරීත්ම සමග ක්‍රිකට් ආයතනයේ මෙම පියවර ගෙන ඇත .
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා මාධ්‍ය වෙත පවසා ඇත