කොවිඩ් එන්නත් නිෂ්පාදන කම්හලේ වැඩ කඩිනම් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

චීනයේ සිනෝවැක්  එන්නත මෙරට තුල නිෂ්පාදනය කිරීම සඳහා අතාපනය කෙරෙන කර්මාන්ත ශාලාවේ මූලික තාක්‍ෂණික කටයුතු එළබෙන ජූලි මස තුල අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

මෙම එන්නත මෙරට  තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද   චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය

මමහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ එන්නත් නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.