නවතම පුවත්

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ දිනක අලාභය රු මි 84ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී ඊයේ (06) අනාවරණ වී ඇත.

එහිදී කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකන් ආයතනයට දැනුම් දී ඇත්තේ “ආයතනික ව්‍යාපාර සැලසුම” පිළිබඳව ක්‍රමානුකූල වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත්කරන ලෙසය.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව, සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.

විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද කාරක සභාව නිර්දේශ කළේය.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015ක් බව කෝප් කාරක සභාවේදී අනාවරණය විය.

2020/21 වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

ඊට කොවිඩ්-19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය, ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම්වල වියදම්වල ඉහළ යෑමට බලපා තිබේ.

සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021 මාර්තු 31 දින වනවිට බරපතළ තත්ත්වයකට පත්ව තිබෙන බවත්, එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණදී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය.

 

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි