නවතම පුවත්

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.

ඒ අනුව දැනට  පවත්නා අවම මාසික වැටුප රු.10,000.00 සිට රු. 12,500.00 දක්වා සහ අවම දෛනික වැටුප රු.400.00 සිට රු. 500.00 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ 03 වන වගන්තිය සංශෝධනය කිරීමට එමගින් අදහස් කෙරේ.

මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු කර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳවත් කාරක සභාවේ අවධානයට යොමු විය.

එමෙන්ම 2017 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාවද කාරක සභාව වෙත යොමු කිරීම සිදු කරන ලදි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි