නවතම පුවත්

ශ්‍රී ලන්කන් මොස්කව් ගමන් අරඹයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් ගුවන්තොටුපොළ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් අද (07) පැවසීය.

සෑම සිකුරාදා දිනකම රාත්‍රී 11.20 කටුනයකින් ශ්‍රී ලංකාවේ සිට පිරිමැසුම් පංතියේ ආසන269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත් වන අතර ඉරිදා නැවත ආපසු පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ ගත වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය පවසයි.

කොළඹ සහ මොස්කව් සම්බන්ධ කරන ගුවන් සේවා නැවත ආරම්භ කිරීම සංචාරක කටයුතු වලට පහසුකම් සැපයීම පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම  කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකි බවද ඒම සමාගම කියා සිටී.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 777 19 79 යන දුරකතන අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!