ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අද (8) ඇමති ධුරයේ සහ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.
ඔහුට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් අද පෙරවරුවේ දිවුරුම් දෙන හෙයින් ඔහුට මෙසේ ඉදිරි පෙළ අසුනක් පනවන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා ඇත.
මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා මැතිසබේ අසුන් ගත් පසු ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයයි.