පැතුම් වික්රමරත්නගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ඊයේ 12) සිට ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් සඳහා එන්නත් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය .
ඊට අමතරව අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත ලබා දෙන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.
මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී ද ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීම සිදු කරන බවය.