ප්‍රබෝධා හෙට්ටිආරච්චිඅත්යවශ්ය රාජකාරි සඳහා හෙට (14) සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් සේවා ආරම්භ වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
තුන්වැනි රැල්ලේ උපරිමයට යාමට පෙර මේ ආකාරයටම සීමිත දුම්රිය හා බස් සේවා පළාත් අතර ධාවනය වූ බව දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජකාරී සඳහා උදෑසන සවස ක්‍රියාත්මක වූ දුම්රිය සහ බස් සේවා සීමිත පරිදි මෙලෙස ආරම්භවන අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ හා පෞද්ගලික සේවකයන්ට එහි පහසුකම් අත්විඳිය හැකි බව හෙතම සඳහන් කරයි.
මෙම ප්‍රවාහන පහසුකම ලැබීම සඳහා කලින් පරිදිම රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ සේවාව ලබා ගැනීම තහවුරු කරන ලියකියවිලි තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.