නවතම පුවත්

අගෝස්තුවේ පාසල් ඇරේ!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

‘සියලුම පාසල් ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ඊයේ (12) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ගුරුවරයා සමඟ පන්තිකාමරයේ දී ලබන අධ්‍යාපනයට සතුටුදායක විකල්පයක් ලෙස දුරස්ථ/මාර්ගගත අධ්‍යාපනය කිසිසේත් සැලකිය නොහැකි අතර එහි යම් යම් දෝෂ පවති.

ගුරුවරුන් සඳහා  ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ හැකි ඉක්මනින් පාසල් පද්ධතිය විවෘත කිරීම යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

අද((13) දිනය වනවිට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කරන්නට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.

රටේ සමස්ත ගුරුවරු ප්‍රමාණය 242,000ක් පමණ වන අතර අන්‍යධයන කාර්ය මණ්ඩල ඇතුළත්ව එම පිරිස දෙලක්ෂ හැත්තෑනව දහසකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා