නවතම පුවත්

ශ්‍රී ලංකාවේ “තෙල් සිහිනය” සැබෑ වේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටී

ඒ අනුව, මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශණය කිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ පනත් කෙටුම්පත එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව ඔහු පැවසීය.

එම පනත් කෙටුම්පත පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) මාධ්‍ය වෙත  අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“2020 සැප්තැම්බර් මාසේ කිව්වා මගේ ධූර කාලය ඇතුළත ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව ගෑස් හෝ තෙල් නිපදවන රටවල් අතරට එකතු කරනවා කියලා. ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයේ පනත අනුමත කරලා ලබන මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. අපි මේ හදාගත්තු පනත ලෝකයේ ප්‍රබල සමාගම්වලටත් යැවුවා. ඒ අයගේ අදහස් බලන්න. ඒ අයගෙත් අදහස්
අරගෙන වැඩි දියුණු කරලා තමයි මේ පනත හදා ගත්තේ. මෙතෙක් කල් දැවැන්ත ආයෝජකයෝ නොපැමිණීමට හේතු ටික නැති කරන පනතක් තමයි ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.”

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි