නවතම පුවත්

ගෙවුණු මාස හයට ළමා අපයෝජන පැමිණිලි 5000ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* සමාජ මාධ්‍ය හරහා අපයෝජන වැඩිවෙලා

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය අනාවරණය කර සිටී .

ඉකුත් වසරේදී ළමා අපයෝජන සිද්ධීන්ට අදාළ පැමිණිලි 8,000 ක් ලැබී තිබුණු අතර , මෙම වසරේ ගත වූ මාස 6 තුළ එවැනි පැමිණිලි 5,423 ක් වාර්තාවී ඇති බවද ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අප වෙබ් අඩවියට පැවසීය .

මෙම තත්වය බරපතල බවත් ඒ අනුව මෙය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය .

වර්තමානයේ සමාජයෙන් වාර්තා වන මෙවැනි සිදුවීම් පිළිබද අවධානය යොමු කරමින් මෙම කාලසීමාවේදී මව්පියන් දරුවන් පිළිබද පෙරට වඩා සැලකිලිමත් විය යුතු බවද  ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා පැවසීය .

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා අපයෝජනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතුව ඇති බවද ඒ මහතා පැවසීය .

මෙවැනි අපයෝජනයන් පිලිබඳ කිසියම් හෝ තොරතුරක් ලැබුනහොත් වහා 1929 අංකයට දැනුම් දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා