නවතම පුවත්

පාර්ලිමේන්තුවටම ගිහින් මන්ත්‍රීලා හමුවන්න ජනතාවට යළි අවස්ථාව

අසංක

අසංක

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මහජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට මීට කලකට පෙර තිබූ අවස්ථාව යළි ලබාදීම සඳහා අවශ්‍ය කාමර වෙන් කිරීමට, පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත ය . වෙන් කිරීමට නියමිත එම කාමර ඊයේ (12) සභානායකවරයා නිරීක්ෂණය කළේය.

මහජනයා හමුවීම සඳහා,මන්ත්‍රීවරුන්ට කාමර 10 ක් වෙන් කිරීමට සාකච්ඡා වී ඇත.

පළමු පියවර ලෙස කාමර 07 ක් වෙන් කිරීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දී තිබේ.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේදී සභානායකවරයා විශේෂ ඉල්ලීමක් කරමින්, අවධානය යොමු කළේ, මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට මීට පෙර පැවති අවස්ථාව යළි ලබාදිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවද සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම රැස්වීමේදී, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, වේත්‍රධාරීවරයා වෙත එම ඉල්ලීම යොමු කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වී මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු, මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර, මහජනයාට විවෘත කරන බව, සභානායකවරයා කියා සිටියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි