නවතම පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යල කන්නය සඳහා වී මිල දී ගැනීමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කර සිටී

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් පනහකටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් පනස්දෙකටත් කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් පනස්පහකටත් මිලදී ගැනීමට කටයුතු කරන බවද වී අලෙවි මණ්ඩලය පවසයි . මෙවර  යල කන්නය සඳහා වී මෙට්‍රික් ටොන් පනස් දහසක් මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත

වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ඉල්ලා ඇති අතර ගොවීන්ට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලට වී ගෙනැවිත් දීමෙන් එම මොහොතේදීම මුදල් ලබාගැනීමේ හැකියාව සකසන බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මෙයට අමතරව කුඹුරට ම ගොස් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය නිලධාරීන් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා