නවතම පුවත්

ගොවීන්ට අවශ්‍ය පොහොර දින තුනක් ඇතුලත නිකුත් කරන්න – අමාත්‍ය අලුත්ගමගේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික පොහොර සමාගම් නිලධරයන් අමතමින් අද (14) පැවසීය.

එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසි නිරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව මාධ්‍ය වෙත  සඳහන් කළේය.

රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය තමන් නිරීක්ෂණය කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු ප්‍රමාණයක් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව ද අමාත්‍යවරයා  මෙහිදී ප්‍රශ්න කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා