නවතම පුවත්

ඩෙල්ටා ලැම්බා ප්‍රභේද මෙරට සුලභ ලෙස පැතිරිමේ අවධානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

ඩෙල්ටා ප්‍රභේදය  මෙන්ම ලැම්ඩා  කොවිඩ් ප්‍රභේදයද ඉදිරියේදී  මෙරට තුළ සුළභ ලෙස පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

 

සමස්ත ලෝකය පුරාම මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන අතර . මේ නිසා ශ්‍රී ලංකාවට පමණක් ඉන් ගැලවිය නොහැකි බවත්,අනුරාධපුර ප්‍රදේශයේදී අද පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය

 

මීට අමතරව දකුණු ඇමරිකානු රටවලින් හඳුනා ගත් ලැම්ඩා ප්‍රභේදය මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගත් තවත් වෛරස ප්‍රභේදයක් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම වෛරස ප්‍රභේදද ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් ජයසුමන මහතා මෙහිදී පැවසීය . ඒ  පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළේය .

 

දැනට මෙරට තුළ භාවිතා කරන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් එන්නත් සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගෙන තිබෙන බැවින් එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනද රෝග ලක්ෂණ පහළ නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා