නවතම පුවත්

මෙරට වයස අවුරුදු 30 වැඩි සැම අගෝස්තු 30 නව විට එන්නත් කර අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

අගෝස්තු 31 වැනිදා වනවිට මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 30 ඉක්මවූ සියලු දෙනාටම කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබාදී  අවසන් කිරීමට රජය  සැළසුම් කර ඇත .

 

ඒ අනුව  ජුලි මස අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30 ඉක්මවූවන්ට එන්නත්කරණය කර  අවසන් කරන බවද  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අද පැවසීය

 

සමස්ත ජනගහනයෙන් මිලියන 11.5 ක් අවුරුදු 30 ඉක්මවූවන් වන අතර මේ වනවිටත් ඉන් බහුතරයකට එක් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙන බවද හමුදාපතිවරයා පැවසීය

 

මේ දක්වා එන්නත් මාත්‍රා මිලියන 8.5 ක් පමණ මෙරරට ලැබී ඇති අතර ජුලි මස අවසන් වීමට පෙර තවත් එන්නත් මාත්‍රා මිලියන 11 කට වැඩි  ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය

 

වයස අවුරුදු 30 ඉක්මවූවන්ට එන්නත්කරණය අවසන්වීමෙන් පසුව වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට එන්නත්කරණ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

 

මේ වනවිට දෛනිකව එන්නත්කරණ මධ්‍යස්ථාන 300 ක් පමණ ක්‍රියාත්මක වන අතර දිනකට ලබාදෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 04 ඉක්මවා ඇති  බවද ඒ මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා