නවතම පුවත්

ඉන්දියාවට කඩුලු 07 ක ජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වි​ය.

ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණි. අවිශ්ක ලකුණු 33කටත්, මිනෝද් ලකුණු 27කටත් දැවී ගිය අතර, මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 14යි.

චරිත් අසලංක ලකුණු 38ක් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 39යි. ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ​ය. නායක ශිකර් ධවාන් පන්දු 95කින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් විය. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් විය.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා