නවතම පුවත්

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පිලිබඳ ආණ්ඩු පක්‍ෂයේ තීරණය මෙන්න ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ  ඒකමතකිව තීන්දු කර ඇත .

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත .

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, පුජ්‍ය අතුරලියේ රතන හිමි යන මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව පරාජයකට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවය.

ඩී.වී චානක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තෙල් මිල වැඩි කිරීම අමාත්‍යවරයෙකුගේ තනි තීරණයක් නොවීම හේතුවෙන් එම විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය විසින් පරාජය කරන බවය.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !