නවතම පුවත්

ඩෙල්ටාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා සිටී

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවය

කොළඹ, මාතර, ගාල්ල, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් මේ වනවිට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන් වාර්තා වී ඇතැයි ඔහු ප්‍රකාශ ක‌ළේ ය.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 284,931 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ, නව ආසාදිතයින් 1,420ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි