නවතම පුවත්

ඉදිරි සති දෙක ඇතුලත ඩෙල්ටා ආසාධිතයින් කෝටි 20ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්, මිලියන 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) අනුමාන කර ඇත .
එම සංවිධානය සඳහන් කළේ, මේ වනවිට ලොව පුරා රටවල් සහ කලාප 124කින් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඉදිරියේදී මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය, ගෝලීය වශයෙන් ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ.

විශේෂයෙන් යුරෝපයේ සහ බටහිර පැසිෆික් කලාපයේ කොරෝනා ආසාදිතයින් ඉහළ යමින් ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

සමහර බටහිර රටවල් මරණ සංඛ්‍යාව අඩු වීම නිසා පනවා ඇති කොරෝනා සීමාවන් ලිහිල් කිරීමට ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් එන්නත්කරණය මන්දගාමීව සිදු කරන රටවලට එලෙස කොරෝනා සීමාවන් ලිහිල් කිරීම ඉදිරියේදී තර්ජනයක් විය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා