වෙළඳපොලේ අලෙවියට තබා ඇති ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායුව හෙවත් LPG ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් ප්‍රදර්ශනය කිරීම අද (25) අනිවාර්ය කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම ලීටර් 18 (කි.ග්රෑ. 9.6) සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දිස්ත්‍රික් වශයෙන් නිවේදනය කරමින් ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය ද අද (25) බලාත්මක වේ.
ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත්රිික්කය තුළ රු .1,150 ක උපරිම සිල්ලර මිලට අලෙවි කළ යුතු වේ.