නවතම පුවත්

2019 ඔක්තොම්බර් සිට ඉතාලියේ කොඩිඩ් තිබිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ නෙදර්ලන්තයේදී සිදුකරන ලද අධ්‍යයනයකින් වසංගතයේ කාල නියමය පිළිබඳ අඛණ්ඩ විවාදයකට තවත් අලුත් පිවිසුමක් ලබාදී තිබේ.

පසුගිය වසරේදී, සියෙනා විශ්ව විද්‍යාලයේ සහ මිලාන් පිළිකා ආයතනයේ විස්මේඩෙරි රසායනාගාරයේ ඉතාලි විද්‍යාඥයන් විසින් කරන ලද අධ්‍යයනයක් මගින් 2019 ඔක්තෝබර් මාසයේදී ඉතාලියේ ස්වේච්ඡා සේවකයන්ගේ රුධිරයේ SARS-CoV-2 වෛරසය සඳහා ප්‍රතිදේහ සොයාගත් බව යෝජනා විය.

වෛරසය පිළිබඳ ප්‍රථම වරට වාර්තා වූයේ 2019 දෙසැම්බරයේදී වූහාන්හි ලෙස සැලකුණත්, මුලින් තීරණය වී තිබුණේ වෛරසය ඊළඟ වසරේ පෙබරවාරි මාසය වන තෙක් නිල වශයෙන් ඉතාලියට නොපැමිණ තිබූ බවය.

කෙසේ වෙතත්, පර්යේෂකයන් විසින් 2019 සැප්තැම්බර් සිට 2020 මාර්තු දක්වා කාලය තුළ පිළිකා පරීක්ෂාවකට සහභාගී වූ ස්වේච්ඡා සේවකයන් 959 දෙනෙකුගේ රුධිරය පරීක්‍ෂා කර තිබුණි. එම කණ්ඩායමේ 11.6%කට ඔවුන්ගේ රුධිරයේ පැවති ප්‍රතිදේහවලින් කියවුණේ, SARS-CoV-2 වෛරසය තිබී ඇති බවය.

ඉන් අනතුරුව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි එරස්මුස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ සහාය ඇතිව සාම්පල නැවත පරීක්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියේය.

එතැන් සිට ඉතාලි විද්‍යාඥයන් ඔවුන්ගේ සොයාගැනීම් “SARS-CoV-2 ඉතාලියේ පැතිරීමේ කාල නියමය : ස්වාධීන නැවත පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලය” නමින් ලිපියක් පළ කර ඇත.

එහි සඳහන් වූයේ පර්යේෂකයන් මුල් අධ්‍යයනයේ සොයාගැනීම් නෙදර්ලන්තයේදී ද සනාථ වී ඇති බවයි. නමුත් එය තවමත් සම-සමාලෝචනය කර නොමැති බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 පැතිරීමේ කාල සීමාව පිළිබඳව වෙනත් අධ්‍යයනයන්ද ප්‍රශ්න කර ඇත. චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද තවත් ඒකාබද්ධ අධ්‍යයනයකින් කියැවුණේ 2019 දෙසැම්බරයට පෙර මෙම වෛරසය පැවතී තිබෙන්නට ඇති බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා