නවතම පුවත්

රියැලිටි පුහුණුවීම් අවසන්ව ගෙදර යන්න ගිය උපේක්ෂා පොලීසියට ගිය හැටි

අසංක

අසංක

ප්‍රසිද්ධ රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල රූපවාහිනී ආයතනයක රියැලටි වැඩසටහනක තරගකාරියක් ලෙස පෙනී සිටින අතර එහි පුහුණුවීම් අවසන්ව යළි එමින් සිටියදී කටුගස්තොට ප්‍රදේශ‍ෙයේදී ඊයේ සිදුවූ අනතුරින් පසුව තරුණයා රෝහල්ගත කිරීම සහ පොලීසියට අනතුර පිළිබද දැන්වීම ද කර ඇත්තේ ඇය විසින්ම බවට පොලීසිය පවසයි.

තුවාල ලැබූ තරුණයාට සිදුවී ඇත්තේ සුළු තුවාල බව ද රෝහල් ආරංචි මාර්ග කියා සිටි.

මේ දිනවල එම රියැලටි වැඩ සටහනේ පෙර පුහුණුවීම් සිදුවන්නේ මහනුවර ආශ්‍රිතව ය. එබැවින් ඇය සිය පහසුව සදහා නවාතැන් ගෙන ඇත්තේ කටුගස්තොට අලදෙණියේ සිය ඥාතිවරියකගේ නිවසේයි.

ඊයේ සවසත් ඇය 6.00 ට 6.30 ට විතර පුහුණු වීම් අවසන් කර ඥාති නිවස බලා ගමන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියේ තරමක වැස්සක්ද කඩා හැලෙමින් තිබුණු වෙලාවදී ය. ඇය ගමන්කල මෝටර් රථය නුගවෙලට ආසන්න වනවිට ඇයට ගමන් කරන මාර්ගය වැරදිනි.

ඇය වාහනේ එකවරම මහමග නතර කර ආපස්සට හරවන්නට සූදානම් වී ඇති විට යතුරුපැදියක ඇගේ වාහනය ගැටී ඇත. එහිදී යතුරුපැදිය පෙරලී ගොස් එහි ගමන් කරමින් සිටි පැදිකරුද යටවිය.

ඇය වහාම මෝටර් රථයෙන් බැස මාර්ගයේ ගමන්කරමින් සිටි කිහිප දෙනෙකුගේද සහය ඇතිව තරුණයාව නැගිට්ටුවා සිය වාහනයට දමාගෙන පේරාදෙණිය රෝහලට ගොස් තිබේ.

අනතුරුව ඇය එම තරුණයාගේ දෙමාපියන්ටද සියල්ල දැනුම් දී කටුගස්තොට පොලිස් ස්ථානයට යන්නේ අනතුර ගැන දැනුම් දෙන්නටය.

යතුරුපැදිකරු රෝහල්ගතව සිටි බැවින් ඇයට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය.

ඒ අනුව පොලීසිය ඊයේ රෑම ඇයව අත්අඩංගුවට ගත්තේය. ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා