නවතම පුවත්

දේශීය “සේලයින්” ලබන මස මුල සිට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ “දේශීය සේලයින්” නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 01 වෙනිදා දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටි.

මේ අනුව සැප්තැම්බර් මස 1 දින සිට සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ [Sterile Liquid Large Volume Parentals] සියල්ල කුණ්ඩසාලේ කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇත.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරයි. මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගියේය. දේශීය නිෂ්පාදනය මගින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන අතර සේලයින් බෝතල් මිලියන 25 ක් වාර්ෂිකව අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .