ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර ඇත .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.
ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී සඳහන් කළේ ය.