නවතම පුවත්

කාබනික කෘෂිකර්මාන්තයට එක්වෙන්න – ජනපතිගෙන් ලොවටම ආරාධනා.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම පිණිස කාබනික කෘෂිකර්මාන්තය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා උත්සහයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයන් හමුවේ විශ්වාසය පළ කර ඇත ..
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඉතාලියේ රෝම නගරයේ දී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

මෙය පිළි ගැනෙන්නේ, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට වේදිකාව සැකසීමක් ලෙසය

තෙදිනක් පුරා ඉතාලියේදී පැවැත්වෙන සමුළුවේ මූලිකත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් මහතාය.

රටවල් ගණනාවකින් තරුණයෝ , ගොවීහු, ආදිවාසීහු , සිවිල් සමාජ ක්‍රියාකාරීහු සහ පර්යේෂකයෝ මෙම සමුළුවට එක්ව සිටිති.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ගැඹුරින් එකිනෙක බැඳුණු ලෝකයක් අප සියල්ලන්ම බෙදා හදාගෙන ජීවත් වන බව කොවිඩ් වසංගතයත් සමග තහවුරු වී ඇති බවය

ලෝකවාසීන් මුහුණ දෙන සමාජයීය, දේශපාලනික හා ආර්ථික ප්‍රශ්න විවිධ වුවත් අභියෝග සියල්ලම විශ්වීය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

එම අභියෝග ජය ගැනීමට සාමූහිකව ක්‍රියා කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකවාසී සියලු නායකයන් ඉල්ලීමක් කළේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි