නවතම පුවත්

වැටුප් විෂමතා ගැන ලබන සතියේ යලි සාකච්ජාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී

ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද(27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා බවද අගමැතිවරයා මෙහිදී  සඳහන් කර ඇත

එසේ වුවද රටේ පවතින ආර්ථික තත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

අගමැතිවරයා සහ ගුරු වෘත්තීය සංගම් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි

අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මීට සහභාගී වුහ .

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි