නවතම පුවත්

ගුරු-විදුහල්පතිවරු ලබන සඳුදා සිට වැඩකරන්න සූදානම් වෙන්න – අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* වර්ජනය දිගටම – ගුරු සංගම්

පැතුම් වික්‍රමරත්න / දම්පත් රණසිංහ

ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුහල්පති වෘත්තිය සංගම් වෙත ඊයේ (27) දින දැනුම් දී තිබේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ඔවුන්ගේ සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සහ ඔවුන්ගේ සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ  සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතිය ද මෙතෙක් සාධාරණ විසදුමක් නොලැබුණු බව වෘත්තිය සමිති මෙහිදී අගමැතිවරයාට කී‍ය.

රටේ පවතින ආර්ථීක අර්බුධය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහි දී ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී මෙසේ සඳහන් කළේය.

“ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමඟ රටේ ආර්ථීකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබද තීරණයකට එළැඹිය යුතුයි” යැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය තුළ විවිධ පත්‍රිකා සංසරණය වන බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්නෝය.

වැටුප් විෂමතාව සම්බන්ධව සුබෝධනී වාර්තාවට වෘත්තීය සමිති එකගතාව පළ කරන බවත් එහි අන්තර්ගතය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මන්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාවද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බව ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීමේ අරමුණ අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බල නොපාන පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව අවම කිරීම බවත් මේ වන විටත් ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇතිබවත්, ඒ පිළිබඳව මාස කිහිපයක් අධ්‍යයනය කර සකස් කළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ආණ්ඩු පහක කාලයක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ස්තුතිය පළ කළහ.

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් බලාපොරොත්තුවෙන් ඊයේ (27) අගමැතිවරයා සමග පැවති සාකච්ඡා එකගතාවයෙන් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම්වලින් බැහැර වෙමින් කරන ගුරු වර්ජනය තවදුරටත් පැවැත්වෙන බව ඔහු පැවසීය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .