2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා වේ
එම වාර්තාවලට අනුව ටෝකියෝ නුවරින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති අතර .එලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල්වල කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ද වාර්තාවේ.
ඊයේ දිනයේදී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර . පවතින තත්ත්වය හමුවේ ටෝකියේ නුවර ආසන්න ප්‍රදේශ 03 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙ.
ජපානය තුළ මෙලෙස කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වී තිබෙන්නේ 2020 ඔලිම්පික් උළෙල ටෝකියේ නුවර පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළය. කොරෝනා පැතිරීම හේතුවෙන් ටෝකියෝවට මේවනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙ ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට ද මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වේ . ඒ අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද අයත්ය .
පවතින තත්ත්වය හමුවේ හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙයසි ජපන් බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔලිම්පික් තරග නැරඹීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ලෙසය
.