මත්කුඩු කිලෝ 275 වැටලීමට පෙර දකුණේ යාත්‍රාවකටත් තොගයක් මුදාහැරලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රට පුරා සිදුවූ ප්‍රහාර මාලාව අතරතුර ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගැනුණු කිලෝ 275ක හෙරොයින් මත්කුඩු තොගයට අදාල සැකකරුවන් තොරතරු ගණනාවක් හෙළිකර තිබේ.

මෙම මත්කුඩු තොගය හමුවීමට පෙර දිනයේ ද සැකකරුවන් විසින් මත්කුඩු කිලෝ ගණනක් දකුණෙන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවකට ලබාදී ඇත.

ඔවුන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය 06 වැනිදා මීගමුවෙනි.

රේඩාර් ඔස්සේ මොවුන් පිළිබද අධීක්ෂණය කොට ඇති අතර ගොඩබිමට පැමිණෙන තුරු නාවික හමුදා නිලධාරීන් ඔවුන් පිළිබද විමර්ශනයේ යෙදී තිබේ.

එහෙත් ගොඩබිමට නොපැමිණ දිගින් දිගටම මොවුන් මුහුදේ රැදී සිටීම හේතුවෙන් නාවික හමුදා නිලධාරීන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් වැටලීම සිදුකර ඇත.

මෙම මත්කුඩු තොගය අදාළ පුද්ගලයන් වෙත භාරදුන් විට සැකකරුවන්ට කිලෝ 25ක ප්‍රමාණයක් තමන්ට රිසි පරිදි විකුණාගැනීම සදහා ලැබෙන බව සැකකරුවන් හෙළිකර තිබේ.

එම කිලෝ 25 හෙරොයින් මත්කුඩු අලෙවි කළ විට ලැබෙන අදායම අවම වශයෙන් රුපියල් කෝටි 32ක් ඉක්මවයි.

මීට අදාළ පෙර පුවත මෙතැනින් http://tiny.cc/04hm5y