මේවනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී ඇත .
ඒ අතරින්ද වෛරස් කාණ්ඩ 02 සහ 03, ප්‍රදේශ රැසක වැඩිවශයෙන් සංසරණය වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත
වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 01, නැවතත් මෙරට තුළ සංසරණය බව බව ද එම පරීක්ෂණයේදී තහවුරු වී තිබෙ
ජාතික ඩෙංගු මර්දන ඒකකය මාධ්‍ය වෙත පැවසුවේ මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කරන බවය.
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16,497 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 70 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක්වේ .