එන්නත ගත්තොත් , ඩොලර් සීයක තෑග්ගක් !

joe biden over china
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත අලුතින් ලබා ගන්නා පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ත්‍යාගයක් වශයෙන් පිරිනැමීමට කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බිඩ්න් එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

අමෙරිකාවේ විශාලතම සේවක සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන එරට ෆෙඩරල් අංශයේ මිලියන 02කට ආසන්න සේවකයින් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත ලබා ගත යුතු බවටද ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇත

ඒ අනුව සේවකයින් තමන් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇති බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වන අතර එසේ නොමැතිනම් ඔවුන්ට නිතිපතා කොවිඩ් පරීක්ෂණ වලට ලක්වීම සහ මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය කර ඇත.

නිල වාර්තා අනුව අමෙරිකාවේ සමස්ත ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇති බව සඳහන්.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට එල්ලවන තර්ජනය අවම කිරීමට මෙම නව ක්‍රියාමාර්ග ගන්නා බවයි ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

” මිට පෙර එන්නත ලබාගත් පුද්ගලයින්ට මුදල් ලබානොදී අලුතින් එන්නත ලබාගන්නා පුද්ගලයින් මුදල් පිරිනැමීම අසාධාරණ බවට පෙනුනත්, එන්නත ලබා නොගත් පුද්ගලයින් ඒ සඳහා දිරිගැන්වීම තුලින් සැවොටම වාසියක් හිමිවනවා ” යයිද ජනාධිපති ජෝ බයිඩ්න් මාධ්‍ය වෙත ප්‍රකාශ කරඇත